Blogger Widgets

Friday, June 1, 2012

නුහුරු කවි කම​.......


කට කාර කතා හැඩ කාර සිනා
       දුරින් හිඳ හොරැගින් බලා........
පාරමී පුරා දින ගනන් ගෙවා
       සෙනෙහසේ වදනක් දොඩා.......
රසදුනක් නිසා පෙම් කවක් පතා
       සෙවණැලි සිතුවම් වට වෙලා.......
සිහිනයක් වෙලා නුඹ පැමිනි සඳ
       කවිකාර අදහස් මතුවෙලා.......


                මනමාල කතා සබකෝල සිනා
                       ළබැදි රූ සිරි දෙස බලා.......
                දඟපාන සිනා නුඹ මදෙස බලා
                       මම නොබැලු ලෙසින් ඉමි ඉවත බලා.......
                මිහිරක් තියා සිත් විල වසා
                        නුහුරු කවිකම හුරුවෙලා.......
               සිහිනයක් වෙලා නුඹ පැමිනි සඳ
                        කවිකාර අදහස් මතුවෙලා....... 


        




                       -  2012-05-28 - 

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget