Blogger Widgets

Saturday, May 26, 2012


සමණලී.........



සිනහ වී කතා වී
     මිතුරු සුරතක නුඹ වෙලී
ජීවිතේ ගී පොත කරා
    මීවිත රැගෙන ආ සමණලී........


පාරමී පුරා දින සති ගෙවී
    කෝල හැගුමින් නැහැවෙවී
මනලෝල සිනා කවි කාර කතා
    මිහිරැති වසන්තය පෙම් බදී.......


බැදුනු පෙම අකීකරුවී
    ඉකිබිදුම් හඩ මතු වෙවී
සමණලී නුඹ සැගව ගියදා
    හුදෙකලාවක මා තනි වෙවී........ 
















                                        - 2012-05-23 -

Saturday, May 19, 2012


යෝධ අණු........



නිසලතාවයෙන් ආරම්භ කර​
අවශෝෂනය කර මහත් දුක​
ත්වරණය කර​...........
ඉහලම ශක්ති මට්ටම තෙක්
ආ මග නතර කිරීමට
විභාගය යොදාවිද​
අසංතුලිත බලයක්.........
සිදුවේද අපගමනය වන්නට​
පරාවර්තිත කිරණයක් විලස​
එහෙත්......
අවස්ථිතික රාමුව තුළ සිට​
ස්ථායිතාව රැක ගන්නට​
විමෝචනය කර ශක්තිය​
ප්‍රගමන තරංගයක් විලස​
වියෝග ප්‍රවේගයෙන්
ගමන් කලවිට​
හැකිවේ දිනක​
යෝධ අණුවක් සාදන්නට​
වියෝජනය නොවන ලෙස​.......

                                                                                              - 2008-06-20 -


සමුගැන්ම​



වසන්තය අහවරයි
       මද සුළග කියනවා......
සොයුරු සිත් තනි වෙලා
       ඉකි බිදුම ඇහෙනවා.....
පාසලේ සුදු බිත්ති
       දුක තවත් ගොතනවා.....
යන්න බෑ විදු මව්නි
       නවතින්න සිතෙනවා.....

                                                - 2005-11-08 -

Friday, May 18, 2012


ඉලෙක්ට්‍රොනයට කී කවි.....


නිදහස් ඉලෙක්ට්‍රොනය 
නුඹ
බන්දන සාදමින් නිදහසේ...... 
සැරිසරන විට​.....
අයනීකරණයට නතු වූ
මොළය​...
අතරමං වී කාක්‍ෂික තුළ​
විකුම් පායි හදුනාගන්නට​
නුඹව​........
කැතෝඩ කිරණ එල්ල වෙන විට හදට​
තොම්සන් හා එක්ව 
රදර්ෆඩ්.....
වියරුවෙන් මෙන් සිනා සෙයි
පිටු අතර සිට​.......
සින්න වී අපේ ළමා විය​
තරගකාරී ලොවට
විභාගය නම් උසාවිය තුළ​
විත්ති කරුවන්ව සිටිමු අප​
නිදහස් වී
පියනගන තෙක්
සරසවිය වෙත​............!

                                                                                                      - 2007-01-17 -





යළි පැමිණෙන්න​...............!


කුඩා කළ සිටම මාහට සමීපව 
හොඳම මිතුරා වී මට​
ඔබ දුන් සෙනෙහස රැක ගනිමි 
මගේ හද මඩල තුල​................
නුපුරුදු මෙලොව දිවිය
සුපුරුදු කරනට​
ඔබ කී කතා කිසි ලෙස​
අමතක නොවේ මට​
දිවියේ ජය මාවත එක තැනක ඇති බව​
හගවා ඒ වෙත යන්නට​
එඩිදී පෙන්වා මර්ගය​........
සැදෑ අදුර රජයන මොහොතක​
යලිනොඑන ගමනක ගියේ ඇයි 
ඔබ සීයේ................................
යලි පැමින මා වෙත​
ක්‍ෂිතිජයේ හිරු හැංගෙන විට​
පහන් තරුව වෙත නෙත් යොමාගෙන​
යළි පවසන්න ඔය මුවින්
චුටි පුතා යැයි කියා මට​...................!




- 2006-03-01 -


මිරිඟුව​



ජායාවක් වී ඈතට දිස්වී
දැල් වූවත් සතුටක් සිතට​
සෙවණැලි මාවත දිගේ
ලංවූ විට මායාවක් පමනක්ම වන​
බලාපොරොත්තු කැන්දන
දෑස රවටන 
අරුමය නුඹයි
මිරිඟුව​.........!


                                                                                                                 - 2005-07-05 -


නින්ද



නින්ද ලගා වේ......
සොදයි පියකරුයි එය​
එහෙත් විභාගය...
පෙනෙයි වටකුරුව විශාලව​
නොහැක පා ඔසවන්න
සිත් සේ නින්ද වෙත​
විභාගය හඩ ගායි
නම කියා ඈත සිට​...........























                                                                                    -  2005-o7-14 -
                                                                                                



Thursday, May 17, 2012


අහවරයි ළමා විය​...................!



පොත් මිටිය ගෙන තුරුලට....
අම්මාගේ අතේ එල්ලිලා
කුඩා අඩි තබා ගිය පාසැල් කල
සොදුරු වුනත් කෙදිනකවත්
ආයේ ඉතින්ඟ නොඑන බව​
වැටහුනත් හොදින් මට​
අනන්තය තෙක් දිවුන 
ගිරි දුර්ග මාවතේ.....
දකින රිසි පරතෙරක් 
තව ඈත නම් නොවන වග 
දුටු නිසා කල් ඇතිව 
යා යුත්තේ තනිවමැයි සිතුන මුත්
තවම සිත ආසයි පාසැල් යන්නට​
අතැගිල්ලේ එල්ලීගෙන​................!


















                                                           
                                                                                                                                      -  2004-04-04 -



Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget