Blogger Widgets

Saturday, May 19, 2012


යෝධ අණු........



නිසලතාවයෙන් ආරම්භ කර​
අවශෝෂනය කර මහත් දුක​
ත්වරණය කර​...........
ඉහලම ශක්ති මට්ටම තෙක්
ආ මග නතර කිරීමට
විභාගය යොදාවිද​
අසංතුලිත බලයක්.........
සිදුවේද අපගමනය වන්නට​
පරාවර්තිත කිරණයක් විලස​
එහෙත්......
අවස්ථිතික රාමුව තුළ සිට​
ස්ථායිතාව රැක ගන්නට​
විමෝචනය කර ශක්තිය​
ප්‍රගමන තරංගයක් විලස​
වියෝග ප්‍රවේගයෙන්
ගමන් කලවිට​
හැකිවේ දිනක​
යෝධ අණුවක් සාදන්නට​
වියෝජනය නොවන ලෙස​.......

                                                                                              - 2008-06-20 -

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget