Blogger Widgets

Monday, June 4, 2012

සමණල් සිහිනය​


නුඹේ නමින් බැදි සෙනෙහෙට
        තවත් කවක් එකතු වෙලා
වළා සළුවක සඟවගෙන එය​
        රැගෙන එමි දෝතින් අරා........
තාරුකා මල් උදම් වී
        නිල් අහස් කුස පුරා
සොයා ආ සිත මගේ වී නුඹ​
        ජීවිතය කවියක් කලා........


සමසුන් අරා සිත් විල වසා
        නොතනියට සෙවනක් වෙලා........
නෙතු කැල්ම මා වෙලද්දී
        සමනල් සිහිනය හිනැහුනා........
සද කැන් වැටිලා පිණිපොද දියවී
        මල් වැස්සක් දැන් ඇරඹුනා........
පිණිසේලයක් මතුව එද්දී
        දෙව්ලිය සිහිනෙට පිවිසුනා........


මින්දද මල් හී සර සැලෙද්දී
        සිනා කැන් අහුරක් තියා........
හඳේ ගැඹුරුම තැනට වී එය​
        සුරඟණ වෙත සක්මන් කලා........
සිහිනයෙන් ආ සිතුම් රූ සර​
        පෙර නොවිදි රසයක් තියා.........
ළංවුනා නුඹ මගේ හද වෙත 
        හැරදමා යා නොහැකියි කියා........






          - 2008-12-19 - 







Saturday, June 2, 2012

  තාරුකාවී....


තාරුකාවී නුඹ මතුව එද්දී
        සොදුරු සිතුවම් නහවමින්
රුවන් විමානෙන් පැමිණි රෑසිරි
        තතු කෝම මම කියම්....
මල් හී සරයක දැවටි සෙනෙහස 
        රැගෙන ගොස් හිත හොර හොරෙන්
පෙම් කවක් ලියන්න හිතෙනවා මට 
        නිල් අහස් කුස පුරවමින්....


ඇසල සඳ ඇවිත් හිනැහී
        වන්දනාවක සිත​ ගෙන ගිහින්
මීදුම් පිණි පොද​ දෑස වසන් කර 
        වළා සලුවක දවටමින්
හැගුම් අවදිව මැවී කවි කම​
       නොලියූ කවියක් ලෙසින්
පිණි සේලයක් ඇද හැලෙද්දී
        පෙම් කවක් යලි මතු වෙමින්....


                          
                              - 2008-09-22 -    

Friday, June 1, 2012

නුහුරු කවි කම​.......


කට කාර කතා හැඩ කාර සිනා
       දුරින් හිඳ හොරැගින් බලා........
පාරමී පුරා දින ගනන් ගෙවා
       සෙනෙහසේ වදනක් දොඩා.......
රසදුනක් නිසා පෙම් කවක් පතා
       සෙවණැලි සිතුවම් වට වෙලා.......
සිහිනයක් වෙලා නුඹ පැමිනි සඳ
       කවිකාර අදහස් මතුවෙලා.......


                මනමාල කතා සබකෝල සිනා
                       ළබැදි රූ සිරි දෙස බලා.......
                දඟපාන සිනා නුඹ මදෙස බලා
                       මම නොබැලු ලෙසින් ඉමි ඉවත බලා.......
                මිහිරක් තියා සිත් විල වසා
                        නුහුරු කවිකම හුරුවෙලා.......
               සිහිනයක් වෙලා නුඹ පැමිනි සඳ
                        කවිකාර අදහස් මතුවෙලා....... 


        




                       -  2012-05-28 - 

තනි වෙන්න ආසයි මට....


තනි වෙන්න ආසයි මට
    අහස් වියන වෙත නෙත් යොමාගෙන 
දුර ක්‍ෂිතිජයේ සැඟව ගියදා
    හිරු තනි කලා මගේ ලොව​........


තනි වෙන්න ආසයි මට
    සඳ මඩල දෙස නෙත් යොමාගෙන​
වළා යහන මත සැඟව ගියදා
    සඳ තනි කලා මගේ ලොව​........


තනි වෙන්න ආසයි මට
    පහන් තරුව වෙත නෙත් යොමාගෙන
සිටිනව නම් නුඹ අභියස​
    තනිවන් නෑ මගේ ලොව​........




          -  2011-07-16 -    

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget