Blogger Widgets

Friday, June 1, 2012

තනි වෙන්න ආසයි මට....


තනි වෙන්න ආසයි මට
    අහස් වියන වෙත නෙත් යොමාගෙන 
දුර ක්‍ෂිතිජයේ සැඟව ගියදා
    හිරු තනි කලා මගේ ලොව​........


තනි වෙන්න ආසයි මට
    සඳ මඩල දෙස නෙත් යොමාගෙන​
වළා යහන මත සැඟව ගියදා
    සඳ තනි කලා මගේ ලොව​........


තනි වෙන්න ආසයි මට
    පහන් තරුව වෙත නෙත් යොමාගෙන
සිටිනව නම් නුඹ අභියස​
    තනිවන් නෑ මගේ ලොව​........




          -  2011-07-16 -    

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget