Blogger Widgets

Saturday, June 2, 2012

  තාරුකාවී....


තාරුකාවී නුඹ මතුව එද්දී
        සොදුරු සිතුවම් නහවමින්
රුවන් විමානෙන් පැමිණි රෑසිරි
        තතු කෝම මම කියම්....
මල් හී සරයක දැවටි සෙනෙහස 
        රැගෙන ගොස් හිත හොර හොරෙන්
පෙම් කවක් ලියන්න හිතෙනවා මට 
        නිල් අහස් කුස පුරවමින්....


ඇසල සඳ ඇවිත් හිනැහී
        වන්දනාවක සිත​ ගෙන ගිහින්
මීදුම් පිණි පොද​ දෑස වසන් කර 
        වළා සලුවක දවටමින්
හැගුම් අවදිව මැවී කවි කම​
       නොලියූ කවියක් ලෙසින්
පිණි සේලයක් ඇද හැලෙද්දී
        පෙම් කවක් යලි මතු වෙමින්....


                          
                              - 2008-09-22 -    

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget