Blogger Widgets

Friday, May 18, 2012


ඉලෙක්ට්‍රොනයට කී කවි.....


නිදහස් ඉලෙක්ට්‍රොනය 
නුඹ
බන්දන සාදමින් නිදහසේ...... 
සැරිසරන විට​.....
අයනීකරණයට නතු වූ
මොළය​...
අතරමං වී කාක්‍ෂික තුළ​
විකුම් පායි හදුනාගන්නට​
නුඹව​........
කැතෝඩ කිරණ එල්ල වෙන විට හදට​
තොම්සන් හා එක්ව 
රදර්ෆඩ්.....
වියරුවෙන් මෙන් සිනා සෙයි
පිටු අතර සිට​.......
සින්න වී අපේ ළමා විය​
තරගකාරී ලොවට
විභාගය නම් උසාවිය තුළ​
විත්ති කරුවන්ව සිටිමු අප​
නිදහස් වී
පියනගන තෙක්
සරසවිය වෙත​............!

                                                                                                      - 2007-01-17 -




1 comment:

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget