අහවරයි ළමා විය...................!
පොත් මිටිය ගෙන තුරුලට....
අම්මාගේ අතේ එල්ලිලා
කුඩා අඩි තබා ගිය පාසැල් කල
සොදුරු වුනත් කෙදිනකවත්
ආයේ ඉතින්ඟ නොඑන බව
වැටහුනත් හොදින් මට
අනන්තය තෙක් දිවුන
ගිරි දුර්ග මාවතේ.....
දකින රිසි පරතෙරක්
තව ඈත නම් නොවන වග
දුටු නිසා කල් ඇතිව
යා යුත්තේ තනිවමැයි සිතුන මුත්
තවම සිත ආසයි පාසැල් යන්නට
අතැගිල්ලේ එල්ලීගෙන................!
- 2004-04-04 -
0 comments:
Post a Comment